Gossips

දියතලාව බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සෙබළා අත්අඩංගුවට

දියතලාව කහගොල්ලේදී බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
මෙම සැකකාර සෙබළා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
පසුගිය 21 වනදා දියතලාව බණ්ඩාරවෙල මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුල සිදුවු පිපිරීමෙන් 19 දෙනෙකු තුවාල ලැබුවා.
යුද හමුදා සෙබලුන් 7 ක්, ගුවන් හමුදා සෙබලුන් 5 ක් සහ සාමාන්‍ය පුද්ගලයන් 7 දෙනෙක් ඊට අයත්.
මෙම සිද්ධියට අදාළව පොලිසිය සිදු කළ විමර්ශණවලින් අනතුරුවයි අදාළ බස් රථයේ ගමන් කළ හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු යුද හමුදාවේ 6 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරියෙක් බව පොලිසිය සඳහන් කළා.