Gossips

දියතලාව ගුවන් හමුදා කදවුරේ හටගත් ගින්න පාලනය කෙරේ

දියතලාව ගුවන් හමුදා කදවුරේ පුහුණු ගුවන් භටයින්ගේ නිල නිවාසයක හට ගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ එම ගින්නෙන් ගුවන් භටයින්ට හානියක් සිදුවී නොමැති බවයි.
අදාළ නිල නිවාසවල සිටින පුහුණු ගුවන් භටයින් මේ දිනවල නිවාඩු ලබා පිටත්ව ගොස් සිට ඇති අතර, ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.