Gossips

දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින්

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඉන් 7 දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර, 5 දෙනෙකු ගුවන් හමුදා සාමාජිකයින් බවයි.
කෙසේ වෙතත්, මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි බ්‍රිගේඩියර්වරයා ප්‍රකාශ කළේ.
බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.
යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙලදී පිපිරීම සිදුවූ බස් රථයට නැග තිබෙනවා.


rnrnrnrnrnrn(ඡායාරූප -හපුතලේ නයනානන්ද බුවනෙක / දර්ශන – බණ්ඩාරවෙල විරාජ් ප්‍රනාන්දු)