තම සිව් හැවිරිදි කුඩා දියණිය, හැද සිටින කලිසමේ මළ පහ පිට කිරීම පිළිබදව උරණ වී, යකඩ හැන්දක් රත් කර දැරියගේ පිටුපස පිළිස්සූ මවක අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඒ දියණියගේ පියා ඒ පිළිබදව පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.
පසුගිය 9 වනදා අලවතුගොඩ – සයිස්ටන් පෙදෙසේ පදිංචි 21 හැවිරිදි මව මෙම දැරිය පුළුස්සා ඇති අතර, පියා නිවසට පැමිණි පසු දැරිය ඒ පිළිබද හෙලි කර තිබෙනවා.
අනතුරුව ඔහු තම බිරිද, දැරිය පුළුස්සා ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව, සැකකාර මව අත්අඩංගුවට ගැණුනා.
මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
