Gossips

දියණිය කෙළෙසූ පියා මවගේ පැමිණිල්ලෙන් අත්අඩංගුවට

සිය 11 හැවිරිදි දියණිය දූෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ ජීවත්වූ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියගේ මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා පසුගිය අඟහරුවාදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අදාල මව වෙළඳසැලට ගිය අවස්ථාවේ 44 හැවිරිදි සැකකාර පියා විසින් සිය දියණිය මෙලෙස දූෂණය කර තිබෙනවා.
දැරියගේ මව පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් වෙළඳසැලට ගොස් නැවත පැමිණි අවස්ථාවේදී සිය සැමියා විසින් දියණිය දූෂණය කරන අයුරු තමන් දුටු බවයි.
එහිදී තමන් විසින් සිය සැමියා, දියණිය අසලින් ඉවත් කිරීමට යාමේදී ඔහු ඊට විරුද්ධ වූ බවද පොලිසිය හමුවේ අදාල මව වැඩිදුරටත් පවසා තිබෙනවා.
දූෂණයට ලක්වූ දැරියගේ මව සහ පියා මීට වසර 13කට පෙර විවාහ වී ඇති අතර මොවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
සැකකරු මීට පෙර මෙවැනිම දූෂණ චෝදනා කිහිපයකට වැරදිකරු වී දඬුවම් ලැබූවෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වන්නේ.