Gossips

දියණිය කෙලෙසූ පියා බරපතළ වැඩ සහිතව සිපිරි ගෙට

සිය දොළොස්‌ හැවිරිදි බාලවයස්‌කාර දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඊයේ (14) නියම කර තිබෙනවා.
සිර දඬුවමට අමතරව රුපියල් දස දහසක දඩයක්‌ද අධිකරණය මඟින් නියමකර ඇති බවයි වාර්තා වන්නේ.
66 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියමව ඇති බව සඳහන්.
2002 වසරේ දෙසැම්බර් මාසයේ ගාල්ල, උඩුගම ප්‍රදේශයේදී නිවාස තුළම සිය දොළොස්‌ හැවිරිදි තම බාලවයස්‌කාර දියණිය දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.
එවකට 50 වන වියේ පසුවූ සැකකාර පියා සිය බිරිඳ සහ ළමයි සිව් දෙනා සමඟ උඩුගම ප්‍රදේශයේ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අධික ලෙස මත්පැන් පානය සඳහා හුරුවූ අයෙක් වන අතර බිරිඳ සමඟ නිරන්තරයෙන් ආරවුල් ඇති කරගත් පුද්ගලයකු බවද සඳහන්.
සිද්ධිය වූ දින මත්පැන් පානය කර රාත්‍රීයේ නිවසට පැමිණ ඇති සැකකරු බිරිඳ සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.
එහිදී බිරිඳ සිය දරුවන් රැගෙන නිවසින් එළියට බැස සිටියදී 12 හැවිරිදි වැඩිමහල් දියණිය නිවස තුළට කැඳවා ආහාර පිළියෙළ කර දෙන ලෙස පවසා ඇති අතර ඉන්පසු අනෙක් දරුවන් නින්දට ගිය පසු දියණිය මුළුතැන්ගෙයිදීම දූෂණයකර ඇති බවයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
මෙම නඩු විභාගය ආරම්භයේ සිටම විත්තිකරු අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව විත්තිකරුට මෙලෙස දඬුවම් නියමකර තිබෙනවා.