Gossips

දියණිය කලා ඔයට දැමූ නීලබැම්මේ මව පාපොච්චාරණය පිළිගනී

සිව් හැවිරිදි තම කුඩා දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ මව ලබන අටවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඇය පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. ද සිල්වා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙහිදී තමන් පොලීසියට ලබාදුන් පාපොච්චාරණය පිළිගන්නා බව සැකකාර මව අධිකරණයේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
දියණිය තමන්ට වඩා මිත්තණියට ආදරය කරන බව පැවසීමෙන් හට ගත් කෝපය නිසා තමා සිය දියණියට පා පහරක් එල්ල කළ බවත්, ඉන් ඇය සිහිසුන්ව ඇද වැටුණු බවත්, මව සිය පාපොච්චාරණයේදී ප්‍රකාශ කර තිබුණා. අනතුරුව දැරිය කලාඔයට දැමූ බවයි ඇය සඳහන් කර තිබුණේ.
මේ අතර, දැරියගේ සිරුර සොයා අද 7 වන දිනටත් විල්පත්තු වනෝද්‍යානය සහ කලාඔය ආශ්‍රිත ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.