Gossips

දියණිය අපයෝජනයට ලක් කළ පියාට, වසර 60ක සිර දඬුවම්

සිය 13 හැවිරිදි බාල වයස්කාර දියණිය වසර කිහිපයක් පුරා අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 5 දරු පියෙකුට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (11) වසර 60ක සිර දඬුවමක් නියම කළා.
එමෙන්ම අගතියට පත් දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසටයි මහාධිකරණ විනිසුරු එස්. සපුවිද නියෝග කළේ.
හුංගම – බටඅත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි මෙම පියා 2015 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ අවස්ථා ගණනාවකදී බාල වයස්කාර දියණිය අපයෝජනයට ලක් කර තිබෙනවා.
ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.