Gossips

දියණියට ගිනි තැබීමට තැත් කළ පියෙකු අත්අඩංගුවට

තම දියණියට ගිනි තැබීමට තැත් කළ බව කියන පියෙකු පිළිබඳ පුවතක් මාතර – දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වයස අවුරුදු 10 ක් පමණ වූ තම දියණියට පෙට්ට්‍රල් දමා මෙලෙස ගිනි තැබීමටයි ඔහු උත්සාහ දරා ඇත්තේ.
දැරියගේ මව විදේශගතව සිටින අතර, මිත්තණිය සමඟ ඇය ජීවත් වී තිබෙනවා.
ක්ෂණික කෝපය මත පියා විසින් අදාළ ගිනි තැබීම සිදුකිරීමට උත්සාහ දරා ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් එය වළක්වා ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා දෙනියාය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.