Gossips

දියණියගේ සහ බෑණාගේ ඝාතනවලට මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි නිවසකදී සිය බිරිඳ පිහියකින් ඇන ඝාතනය කර පසුව සැමියා ද සියදිවි හානිකරගත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය බිරිඳගේ මව සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු ඊයේ (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහ සැකකාරිය අද (09) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
හෙදියක වූ තම බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව සිය දිවි හානි කර ගත් බවට සැක කළ සැමියාගේ මරණය ද ඝාතනයක් බවට පසුගියදා අනාවරණ වුණා.
ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.එම්.එච්.එම්.කේ. සේනානායක සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.
එහිදී අනාවරණ වී ඇත්තේ අතින් ගෙල මිරිකීමෙන් මෙම පුද්ගලයාගේ මරණය සිදුව ඇති බවටයි.
මාස 05ක් වයසැති ළදරුවෙකුගේ මවක් වූ 31 හැවිරිදි මාලා ප්‍රියන්ති නැමැති මෙම හෙදිය තියුණු ආයුධයකින් පහර දී ඝාතනයට ලක්වූයේ පසුගිය 28 වැනිදායි.
ඉන් අනතුරුව වතුර පිරුණු විශාල ගල් වළකට පැන මොහුද සිය දිවි හානිකර ගත් බවට වාර්තා වුණා.
සුසන්ත කුමාර බාලසූරිය නැමැති මෙම පුද්ගලයාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිදුම් භටයන් විසින් ගොඩ ගනු ලැබුවේ ඉන් අනතුරුවයි.
මිය ගිය හෙදියගේ මව පොලීසියට පවසා තිබුණේ ඒකල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රියදුරෙකු ලෙස සේවය කළ රැකියාව කරන මිය ගිය සුසන්ත කුමාර වතුර පිරුණු ගල් වළට පැන අතුරුදන් වූ බවටයි.