අවිස්සාවේල්ල – සමරුගම ප්‍රදේශයේදී දියණියක විසින් සිය පියාට මුගුරකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙලෙස පහර දීමෙන් මියගිය පියාවේ වයස අවුරුදු 54ක් බවයි.
පියා සමඟ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ දියණිය අවිස්සාවේල්ල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
