Gossips

දිඹුල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී 20 ක් රෝහලේ (ඡායාරූප)

නාවලපිටියේ සිට තලවාකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් දිඹුල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරහා පෙරලීයාමෙන් අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් එම බස් රථයේ ගමන් ගත් මඟින් 20දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවයි අප වාර්තාකරු පැවසුවේ.
බස් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර වේගය පලනය කර ගැනීමට නොහැකි වීමෙන් මේ අනතුර සිදු වී ඇතිබවයි පොලිසිය පැවසුවේ.
අනතුරෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා තුවාල තිබෙනවා.
අනතුරෙන් තුවාල ලබා ඇති කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔවුන් නුවරඑළිය මුලිකරෝහල වෙත මාරුකර යැවිමට කටයුතු කළ බවයි කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු අප සමඟ පවසා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් දිඹුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
(ඡායාරූප – හැටන් රංජිත් -ගාමිණී බණ්ඩාර )