Gossips

දිමුත් පළමු පිතිකරුවන් දස දෙනා අතරට

සිය ආසන්නතම ඉලක්කය වන්නේ ටෙස්ට් ශතක 20ක් හෝ 25ක් රැස් කර ගැනීම බව දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසනවා.
ටෙස්ට් තරඟ දෙකේ ඉනිම හතරේදීම ඔහු ශතකයක් හෝ අර්ධ ශතකයක් රැස් කර ගැනීමට සමත් වූ අතර, සාමාන්‍යය සටහන් වන්නේ 118.66ක් ලෙසයි.
දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් දිමුත් කරුණාරත්න අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ පළමු ක්‍රීඩකයන් දස දෙනා අතරට ද ප්‍රථම වරට එක්වුණා.