බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අලූත්කඩේ රථවාහන අධිකරණය වෙත මේ වනවිට පැමිණ සිටිනවා.
බොරැල්ල – කිංසි – හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග වර්ණ සංඥා උල්ලංගණය කරමින් ඊයේ අලූයම මොහු පැදවූ ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලැබුවා.
පසුව බොරැල්ල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරුණේ අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින්.
