බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. 
අද පෙරවරුවේ බොරැල්ල පොලීසිය දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගත්තේ බොරැල්ල – කිංසි හෝර්ටන් මංසන්ධියේදී ඔහු පැදවූ මෝටර් රථය, ත්රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන්. 
එම අනතුරෙන් සුළු තුවාල ලැබූ ත්රිරෝද රථයේ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. 
රිය අනතුර සිදුවන අවස්ථාවේ ක්රිකට් ක්රීඩක දිමුත් කරුණාරත්න බීමත්ව සිට ඇති බවටයි අනාවරණ වී තිබුණේ. 
කෙසේ වෙතත් හෙට දිනයේ අලූත්කඩේ අංක 7 මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද පොලීසිය දිමුත් කරුණාරත්නට දන්වා තිබෙනවා.



