පසුගිය වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දස්කම්වලට තිළිණ ප්රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ක්‍රීඩකයන් පෙළක් නම් කළා.
ඒ අනුව හොඳම ටෙස්ට් පිතිකරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ද දක්ෂතා ඇතුළත්.
ඉන් පළමුවැන්න වන්නේ දිමුත් කරුණාරත්න, දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේ දී නොදැවී ලබා ගත් ලකුණු 158යි, නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් හිදී කුසල් මෙන්ඩිස් නොදැවී වාර්තා කළ ලකුණු 141 ද 2018 වසරේ හොඳම ටෙස්ට් පිතිකරණ දක්ෂතා අතරට නම් කර තිබෙනවා.