Gossips

දිමුත්ට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය අහිමි වෙයි – ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම දිමුත්ටද ?

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය නියෝජය නොකර අන්තර් පළාත් එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ක්‍රිකට් තේරීම් කමිටුව දන්වා ඇති බව වාර්තා වනවා.
ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට පැවරීමට බලාපොරොත්තුවෙන් මෙම ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
දිමුත් කරුණාරත්න එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේදී හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටි අතර ලෝක කුසලාන සංචිතයට තෝරාගත හොත් ඔහුට හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහි යනවා.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න අවසන් වරට එක්දින තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2015 වසරේදී පැවති ලෝක කුසලාන තරඟාවලියේදීයි.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග නායකත්වය දැරූ එක්දින තරඟ නවයම පරාජයට පත්වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා නව නායකයෙකු පත්කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය මේ වනවිට යොමුවී තිබෙනවා.