Gossips

දිමුත්ට ඇප ලබාදීම ගැන පොලිස්පතිගේ අවධානය

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
මොහුගේ ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන්. බොරැල්ල – කිංසි – හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග වර්ණ සංඥා උල්ලංඝණය කරමින් අද අලුයම මොහු පැදවූ ජීප් රථය, ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවූ අතර සිද්ධියෙන් ත්‍රිරෝද රථ රියදුරා සුළු තුවාල ලැබුවා.
අනතුර සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු අතර, හෙට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත්, මාර්ග වර්ණ සංඥා නොතකා බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ පුද්ගලයෙකුට පොලිස් ඇප ලබා දිය හැකි ද යන්න අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ නීතිමය ආකාරයෙන් දිමුත් කරුණාරත්නට ඇප ලබාදීමක් සිදුව නොමැති බවයි.
රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳගේ ප්‍රකාශය පමණක් පදනම් කර ගනිමින් මෙම ඇප ලබාදීම සිදුකර ඇති බවයි.
මේ අතර බීමතින් රිය පදවා අනතුරක් සිදු කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පොලිස් ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අවධානය යොමු වී තිබෙනවා.
පසුගිය 1 වන දා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අනුරාධපුරයේදී බීමතින් රිය පදවා සිදුකළ මෙවැනි අනතුරක් සම්බන්ධයෙන් ඔහු දින 7ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

rnrn