පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පසුගිය 14 වනදා සිට දින 6 ක් සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් රියදුරන් 29,275 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඒ අනුව බීමත් රියදුරන් 1321 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මංතීරු නීතිය කඩකිරීමේ නීතිය යටතේ රියදුරන් 3472 කුට නඩු පැවරීමට කටයුතු කර ඇති බව සඳහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ වාහන නවතා මාර්ග අවහිර කිරීමේ සිද්ධීන් සඳහා රියදුරන් 6830 කට නඩු පැවරීමට කටයුතු කළ බවයි.