පසුගිය 11 වනදා සිට අද දක්වා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මාර්ග නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42,114 දෙනෙකුට නඩු පවරා ඇති බවයි.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ මස 20 වනදා දක්වා ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
