Gossips

දින 20කදී කෝට් 15 ක රත්‍රං රේගු දැලේ

නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට රැගෙන ඒම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා එවැනි වැටලීම් 33ක් සිදුකර ඇති අතර, ඉන් 20ක්ම සිදුකර ඇත්තේ මෙම මාසය තුළදී වීම විශේෂත්වයක්.
එහිදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් රත්‍රංවල වටිනාකම රුපියල් පහලොස් කෝටි තිස් ලක්ෂයකට අධිකයි.
මෙරටට ආනයනය කරනු ලබන රත්‍රංවල වටිනාකම මත සියයට 15ක බද්දක් පසුගිය මස 18වන දා සිට පැනවූ අතර, එය මෙලෙස නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට හේතු වී ඇති බවයි රේගු දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.