Gossips

දින 2 ක ඩෙංගු මර්දන වැඩසටහනක්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 40 ක අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැළසුම් කර තිබෙනවා.
ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 590 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති බවයි එම ඒකකය නිවේදනය කළේ.
ඩෙංගු යලි ව්‍යාප්ත වීමේ අවධානමත් සමඟ බස්නාහිර පළාත, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මකයි.