Gossips

දින විසි අටට ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ටෝලර් යාත්‍රා සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
යාපනය – ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදේදී මොවුන් ඊයේ (28) අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
වසර ගත වූ දින 28 ඇතුළත මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු ටෝලර් යාත්‍රා 4ක් ද සමගින් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.