දින 5 ක පමණ කාලයක් ගලේවෙල – බේලියකන්ද ප්‍රදේශයේ කුඩා නිවසක දෙමාපියන් නොමැතිව ජීවත් වූ වයස අවුරුදු 1 හමාරක සහ වයස අවුරුදු 4 ක දරුවන් දෙදෙනෙකු ගලේවෙල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මව දරුවන් දමා පලාගොස් ඇති බවයි.
අධික ලෙස මත්පැන්වලට අබ්බැහි වී සිටින පියාද දරුවන් පිළිබඳ නිසි සොයා බැලිමක් සිදු නොකරන අතර, දරු දෙදෙනාට එම දින කිහිපයේ රැකවරණය හා ආහාරපාන ලබාදී ඇත්තේ ප්‍රදේශවාසීන් විසින්.
