Gossips

දිනේෂ් ගුණවර්ධන, පියසේන ගමගේ අමාත්‍ය ධුරවල වැඩ අරඹයි (ඡායාරූප)

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී ඔහු මෙලෙස වැඩ භාර ගත් අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිළ, ප්‍රසන්න රණතුංග සහ බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට පවරාගෙන ඇති බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල අධිකාරී බලය නැවත එම ආයතන වෙතම පවරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී පවසා සිටියා.
මේ අතර, තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ ද අද (07) බත්තරමුල්ල – සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගනු ලැබුවා.
එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.