මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී ඔහු මෙලෙස වැඩ භාර ගත් අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිළ, ප්‍රසන්න රණතුංග සහ බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ අතර, තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ ද අද (07) එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.
ඒ, බත්තරමුල්ල – සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදියි.
