Gossips

දිනේෂ්ගේ යෝජනාවට පැය 03ක කල් තැබීමේ විවාදයක්

රට තුළ උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පැය 03ක කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තුවෙන් කරනු ලැබූ ඉල්ලීමට අනුවයි.
පාර්ලිමේන්තුව පෙරවරු 10ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඊට පෙර පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා.
අනතුරුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ රට තුල පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට විවාදයක් ලබාදෙන ලෙසයි.
ඒ සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද මැදිහත් වුණා.
ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට විනාඩි 15ක කාලයක් සඳහා පාර්ලිමේන්තු සභාවාරය කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේ ඉන් අනතුරුවයි.
පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව සභාව යලි රැස්වූ අතර එහිදී කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේදී පැය 3 ක විවාදයක් ලබාදීමට පක්ෂ නායකයින් තීරණය කළ බවයි.