මාතර බතූතා මාර්ගය දෙපස ඉදිකර ඇති කාණු පද්ධතිය දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් එය දෙපස වෙළඳසැල් හිමියන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
එම කාණු පද්ධතිය නිරතුරුව අවහිරව පවතින්නේ එහි සිරවී ඇති දේ නගරසභාව විසින් ඉවත් කිරීම නොකරන බවයි.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මාතර මහනගර සභාව විසින් එය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවයි.
කෙසේ වෙතත් මාතර පොලිසිය විසින් එම කාණු පද්ධතිය නිසිලෙස පවත්වා නොගන්නා බවට එය දෙපස වෙළඳ ව්‍යාපාරිකයන්ට පැවසීම හේතුවෙන් ඔවුන් මේ වනවිට මහත් අපහසුතාවයකට පත්ව තිබෙනවා.
(ඡායාරූප – අදීශ ආරියතිලක)