අග්‍රාමාත්‍යවරයා එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ජය – පරාජය කුමක් වුවත්, මේ වනවිටත් තමන් ජයග්‍රහණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා.
එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ විශ්වාසභංග යෝජනාවත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි කිහිපයක් නිර්මාණය වී ඇති බවයි.
