Gossips

දිනුම් ඇදීමකින් ත්‍යාග දෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

දිනුම් ඇදීමකින් ජයග්‍රහණය කර ඇතැයි පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් 96,000ක් පමණ මුදලක් වංචා කල අයෙකු මොණරාගල – මැදගම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් රටක සිදුකල දිනුම් ඇදීමකින් ලද අදාල ත්‍යාග වරායෙන් නිදහස් කිරිමට මුදල් අවශ්‍ය බවට දන්වමින් සැකකරු මුදල වංචා කර ඇති බව සදහන්.
ඔහු විද්‍යුත් තැපෑල හරහා මෙලෙස ජයග්‍රහණය සම්බන්ධයෙන් වංචාවට හසුවූ පුද්ගලයාට දැනුම් දී ඇති නමුත්, ඒ පිළිබද පොලීසිය දැනුවත් කර තිබුණා.
ඒ අනුවයි සැකකාර 25 හැවිරිදි පස්සර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.