මැතිවරණයක් දිනාගත හැකි යැයි විශ්වාසයක් තිබෙන කිසිදු දේශපාලන පක්ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
එම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද එක්ව සිටි අතර ඔහු එහිදී සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.