Gossips

දිනකට සීමා නොවූ ආදරය

ආදරය ගැන මුළු ලෝකයම කථා කරන දවස අද.
ඒ අද දවස, ලෝක ආදරවන්තයන්ගේ දිනය ලෙස නම් කර ඇති නිසා.
ලොව ඇතැමුන් ආදරයට දිනයක් නියම කරද්දි, අප මේ සටහන තබන්නේල ආදරය තම ජීවිතයම කරගත් මිනිසෙක් පිළිබදවයි.
ජගත් සුසන්ත ජීවිත ගමන ගෙවා දමන්න තම ආදරවන්තිය විදිහට තෝරගත්තෙ අනෝමා චාන්දනීව.
මීට අවුරුදු 17 කට කලිං මේ ආදර කථාව පටන්ගනිද්දිල ඔවුන්ට සෙවණ දුන්නෙ සුරියවැව දෙයියන්දරයායේ පිහිටි මෙම නිවසයි.
යුග දිවියට ඇතුලත්ව මාස 2 ක් ගත වද්දි, මේ ජීවිතවලට අවාසනාව කැන්දන්නෙ අනෝමා චාන්දනී සිරුරේ මස් දියවීමේ රෝගී තත්ත්වයකට ගොදුරුවීමත් සමගයි.
බැඳලා මාස 2 ක් යනකොට මෙයාගෙ කකුල හිරිවැටීමක් ආවා. ඊට පස්සෙ කරාපිටියට අරං ගියා. බලලා බලලා කිව්වා සනීපකරන්න බෑ කියලා. කොළඹ ගෙනාවා ඒ කථාවම කිව්වාගදැන් අවුරුදු 17 ක් මෙයා එක තැන සනීප කර ගන්න තමයි බලන්නෙ. ඉස්සරට වැඩිය දැන් ටිකක් හොදයි.
අත පය වාරු නැති වුනු තම බිරිඳගේ සියළු කටයුතු පුරා 17 වසරක් සිදුකරන්න සුසන්තගෙ දෑත හුරු වෙද්දි මේ නිවසේ ආර්ථිකය දවසින් දවස පහළට වැටෙන්නට පටන් ගත්තා.
ඒ සියළු අගහිඟකම් දෝත දරා ගනිමින් නිවස අසල සුළු වගාවකින් ලැබෙන ආදායමෙන් තම ආදරණීය බිරිඳගේ කුසගින්න නිවාදමන්න මේ දිරිය මිනිසා ජීවිතය සමග අපමන සටනක නිරත වනවා.
ඔහුගේ මේ ධෛර්යය හමුවේ වෛද්‍යවරුන්ගේ මතය පවා වෙනස් කිරීමට හැකිව ඇත්තේ මෙලෙසින්.
තම සැමියා සිදුකරන අප්‍රමාණ මෙහෙය උදෙසා වචනයක් හෝ කීමට හැකියාවක් නොමැතිව සිටින අනෝමා ඔහු සිදුකරන සියළු කටයුතු වලදී මෙලෙස සිනහවක් පෑමට අමතක කරන්නේ නෑ.
තවත් ලෝක ආදරවන්තයන්ගෙ දිනයක් නිමා වෙද්දිල ජගත් – අනෝම ආදර කථාව නිහඩව මේ කියා පාන්නේ ආදරය මුළු ජීවිතයම මිස – එක් දිනයකට සීමාවුවක් නොවන බව නොවේද ?