Gossips

දිගුකාලීන විදුලි ජනන සැලැස්මට කැබිනට් අනුමැතිය හිමිවෙයි

දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අද (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කෙසේ නමුත්, මේ වනවිට විදුලි ඉංජිනේරුවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු නොකරන බව පවසමින්.
විදුලි ඉංජිනේරුවන් ඊයේ (08) පස්වරුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ මිශ්‍ර විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින්.