Gossips

දිගම ඡන්ද පත්‍රිකාව මූතූර් සහ මඩකලපුවට – කුඩාම පත්‍රිකාව පානදුර නගර සභාවට

මෙවර පළාත් පාලන මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව මුතූර් ප්‍රාදේශීය සභාවට සහ මඩකලපුව මහ නගර සභාව වෙනුවෙන් මුද්‍රණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ කුඩාම ජන්ද පත්‍රිකාව මුද්‍රණය කර ඇත්තේ පානදුර නගර සභාව වෙනුවෙන් බවයි.
මුතූර් සහ මඩකලපුව මහ නගර සභා වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 16ක් ඉදිරිපත්ව සිටින අතර පානදුර නගර සභාව සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 03ක් තරග කරන බව අතිරේක කොමසාරිස්වරයා සඳහන් කළා.