වතු කම්කරුවන්ගේ මූලික වැටුප ඉහළ දැමීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 5 වනදා තීරණයක් ගැනීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.
වතු කම්කරු මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ දැමීමට අදාළව අත්සන් තැබුණු සාමුහික ගිවිසුම ගැසට් කිරීම ලබන 5 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වුණා.
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය පලනි දිගම්බරම් අදහස් පළ කළා.
