Gossips

දිගන සිද්ධියට 09 දෙනෙකු යළි රිමාන්ඩ්

දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔවුන් අද (02) තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. පරික්දීන් හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඒ අතර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ සමන්ත පෙරේරා හෙවත් අරලිය සමන්ත, තමන්ට ලබන 6 වනදා රැස්වීමක් සඳහා සහභාගි වීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කළ අතර, ඊට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබෙනවා.
එමෙන්ම පොලීසිය, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සී සී ටී වී දර්ශන අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එම දර්ශනවල දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ සිටීම හේතුවෙන් ඔහුද ලබන 10වනදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.