Gossips

දික්වැල්ලේ නිවසකට පැමිණ මරණ තර්ජනය කළ සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි

දික්වැල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී නිවැසියන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පසුගිය 19 වනදා අලුයම මෙම පුද්ගලයා නිවසේ දොර කඩා නිවසට ඇතුලුවීමට උත්සාහ කර ඇති බවයි.
පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරය නිවසේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී ඇති අතර පසුව එක් පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත්ව යනවා.
නිවැසියන් අසල්වාසීන්ට සහ පොලිසියට දැනුම්දීම හමුවේ අනෙක් සැකකරු ද පළාගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා හඳුනන්නේ නම් දැනුම්දෙන ලෙසටයි දික්වැල්ල පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.