Gossips

දික්වැල්ලේ කාන්තාවක් ඝාතනය කෙරේ

දික්වැල්ල – කෝට්ටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී සිදුවූ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී අලවංගුවකින් පහරදී ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ ඇය මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.