Gossips

දැව ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු හිදී අත්අඩංගුවට

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – වල්ලිපුනම් – ඉඩෙයිකාඩු රක්ෂිතයේ පලූ දැව ජාවාරමක නිරත පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ අවස්ථාවේදී ඉරන ලද පලූ දැව තොගයක් සමඟ ට්‍රැක්ටරයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
වැටලීම සිදුකරන අවස්ථාවේ ට්‍රැක්ටරයේ රියදුරු පළා ගොස් තිබූ අතර, පසුව පොලීසිය සැකකරු අත්අඩංගුගවට ගනු ලැබුවේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැඟව සිටියදීයි.