Gossips

දැව කඳන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කළු ගල් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයකින් බුරුත දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පුනරීන් – සංගුපිට්ටි පාලම අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ මාන්කුලම් – මල්ලාවි ප්‍රදේශයේ සිට යාපනය දක්වා මෙම බුරුත කඳන් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලීසිය සඳහන් කළේ.
ටිපර් රථයේ බුරුත කඳන් පටවා ඊට ඉහළින් කළු ගල් අසුරා සූක්ෂම ලෙස මේවා ප්‍රවාහනය කර තිබෙනවා.