Gossips

දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සියලූදෙනා එක්විය යුතුයි – කථානායක

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සියලූ පාර්ශව එක්විය යුතු බව කථානායක කරූ ජයසූරිය පවසනවා.
කථානායකවරයා මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර පසුගියදා පැවති සාකච්ඡාව පිළිබඳවද කථානායකවරයා මෙහිදී සිහිපත් කළා.
ඒ අනුව මේ පාර්ශව තුන එක්වී සාකච්ඡා කරනවා නම් වර්තමානයේ පවතින ප්‍රශ්න විසඳාගත හැකි බවයි කථානායක කරූ ජයසූරිය මෙහිදී කියා සිටියේ.
එසේම බලය ලබාගැනීම සඳහා සිදුකරන දේශපාලනයෙන් ඉවත්වී ජනතාවට සේවය කිරීම සඳහා කටයුතු කිරීම සියලූ දේශපාලනඥයන්ගේ වගකීම බවද කථානායක කරූ ජයසූරිය මෙහිදී සිහිපත් කළා.