කොළඹ ඉදිවන දැවැන්තම මිනිස් පවුර හෙට දිනයේ දැක ගත හැකි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නායකයින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව පොලිස්පතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
