Gossips

දැවැන්ත මිණි මුතු මෝරෙකුගේ ජීවිතය ගලවා ගත් නාවික හමුදා මෙහෙයුම (ඡායාරූප)

මුලතිව්, අලම්පිල් මුහුදු වෙරළට ගොඩ ගැසූ කිලෝග්‍රෑම් 9000ක් පමණ බරකින් යුත් දැවැන්ත මිණි මුතු මොරෙකුගේ දිවි බේරාගැනීමට නාවික හමුදා නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.
නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් විසින් මෙම මත්ස්‍යයා බේරාගෙන ඇති අතර මෙම මත්ස්‍ය විශේෂයට වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින සත්ව විශේෂයක්.
මුහුදේ සැඩ පහරට ලක්ව ගසාගෙන වෙරළට පැමිණ සිටි මෙම මත්ස්‍යයා නාවික හමුදා නිලධාරීන් විසින් නාවික යාත්‍රා උපයෝගී කරගෙන නාවික සැතපුම් 03ක් පමණ ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් නිදහස් කර තිබෙනවා.
මෝර පවුලේ විශාලතම වර්ගයට අයත් මෙම මිණිමුතු මෝරා මීටර් 09ක පමණ දිගකින් යුක්ත වන අතර අවුරුදු 70ත් 100ත් අතර කාලයක් ජීවත් වනවා.

ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක / දිනසේන රතුගමගේ