Gossips

දැවැන්ත උල්කාවක් අද පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි

අඩි 1500 ක් පමණ වූ, එනම් ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට වඩා විශාල උල්කාවක් අද (07) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කළා.
එය සාපේක්ෂව හානිකර අවදානමක් සහිත උල්කාවක් ලෙසයි එමඟින් හඳුන්වා ඇත්තේ.
කෙසේ නමුත් එය පෘථිවියේ සිට සැතපුම් 9 ලක්ෂයක් පමණ ඈතින් එනම් පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුර මෙන් 3.8 ක් ඈතින් ගමන් කරන නිසා එමඟින් හානියක් සිදුවීමට ඇත්තේ අවම අවස්ථාවක් බවත්, නාසා ආයතනය අවධාරණය කළා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පෘථිවියට සැතපුම් 26,000 ක් පමණ ඈතින්, එනම් වඩාත් ආසන්නයෙන් දැවැන්ත උල්කාවක් ගමන් කළ අතර, එමඟින් පෘථිවියේ ගැටීමේ අවදානමක් මතුවූයේ නැහැ. පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුර සැතපුම් දෙලක්ෂ 39,000 ක්.