Gossips

දැලේ පැටලුණු කබල්ලෑවා වනජීවි නිලධාරීන් භාරයට (ඡායාරූප)

තණමල්විල, කිවුල්ආර ප්‍රදේශයේ නිවසක් අසලට ඊයේ (11) රාත්‍රියේ පැමිණි කබල්ලෑවෙක් දැලක පැටලී සිටියදී නිවැසියන් විසින් බේරාගෙන වනජීවි නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ වගාවන් මොණරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඇද තිබූ දැලක පැටලී සිටියෙදී මෙම සත්වයා සොයාගෙන ඇති බවයි.
අඩි තුනකට ආසන්න දිගකින් යුක්ත වන මෙම සත්වයා අවුරුදු හතක් දහයත් අතර වයසක පසුවන බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.
වදවී යාමේ තර්ජනයට ලක්ව සිටින මෙම සත්වයා පිළිබඳව නිවැසියන් කළ දැනුම් දීමකට අනුව කලුපාලම වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැමිණ කබල්ලෑවා සුදුසු ස්ථානයකට මුදාහැරීම සදහා රැගෙන ගොස් තිබෙනවා.

ඡායාරූප – වැල්ලවාය, ජයන්ත වීරසේකර