Gossips

දැල් පන්දු පුහුණුකාරියගේ නිල කාලය දීර්ඝ කිරීමේ ලිපිය අද භාර දෙයි

ජාතික දැල් පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාසගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද භාරදීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය තෙක් ඇය එම තනතුරේ කටයුතු කරනු ඇති.
මේ වසරේ පැවති ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ තිලකා ජිනදාසගේ මග පෙන්වීම යටතේයි.
ඒ අනුව ඔවුන් ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලැබුවා.