Gossips

දැරියන් හත් දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයෙකු අත්අඩංගුවට

යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 07 වසරේ ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 07 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල ගුරුවරයෙකු ඊයේ (23) තෙලිප්පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තෙලිප්පලෙයි යුනියන් මහාවිද්‍යාලයේ 07 ශ්‍රේණියේ ගණිතය ඉංග්‍රීසි අංශයෙන් ඉගැන්වූ සෙල්වරත්නම් සත්‍යනාරායන් නැමැති ගුරුවරයා විසින් කාලයක සිට 7 වසරේ දැරියන් 07 දෙනෙකු අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කොට ඇති අතර ඒ බව තවත් අයෙකුට නොකියන ලෙසට දැරියන් බිය ගැන්වීමටද අදාල ගුරුවරයා පියවර ගෙන තිබෙනවා.
පසුව ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරියක් පළමුව දෙමාපියන්ට පැවසීමෙන් පසුව අදාල දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලීසියට පැමිණිළ කොට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරේ.
අනතුරුව තෙලිප්පලෙයි පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී ලංගික අපයෝජනයට ලක් වූ අනෙක් දැරියන්ද තමන්ට වූ තර්ජනයන් පිළිබඳව පොලීසියට පැවසීමෙන් පසුව අදාල ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට තේලිප්පලෙයි පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (24) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාල දැරියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් අදාල ගුරුවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා තිබෙනවා.