Gossips

දැරියන් තිදෙනෙක් අපයෝජනය කළ තිදෙනෙකු පොලිස් දැලේ

කඳපොල, පාක්වත්ත ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියන් තිදෙනෙක් අපයෝජනය කළ පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දෙවනදා අත්අඩංගුවට ගත් බව කඳපොල පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 16,14 සහ 13 යන වයස් සීමාවල පසුවන දැරියන් තිදෙනෙක් මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.
වයස අවුරුදු 16 පසුවන දැරිය සිය පියා විසින් වරින් වර අපයෝජනයට ලක්කර ඇති අතර අදාල දැරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 12 සිට සිය පියා විසින් තමන්ව මෙලෙස අපයෝජනයට ලක්කරන බවයි.
එම දැරියගේ නැගණිය වන වයස අවුරුදු 14ක් වන දැරිය ඔවුන්ගේ මවගේ අනියම් පුරුෂයා විසින් අවස්ථා කිහිපයකදී අපයෝජනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් දැරියන් විසින් සිය මව දැනුවත් කළ දතම මව ඒ පිළිබදව කිසිඳු අවදානයක් යොමු නොකළ බවයි දැරියන් පවසන්නේ.
මේ අතර එම ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි දැරිය ඇයගේ සුළු පියා විසින් අපයෝජනය කර ඇති බවටයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.
මොවුන්ට සිදුවන කරදර ඉවසාගැනීමට නොහැකිව කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සදහා නිවසින් පලා යන අවස්ථාවේ කොළඹ කොටුව පොලිසිය විසින් දැරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව එම දැරියන් තිදෙනා කඳපොල පොලිසිය වෙත බාර දී තිබෙනවා.
අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කල බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අපයෝජනයන්ට සම්බන්ධ බව කියන අත්අඩංගුවට ගත් සැකරුවන් තිදෙනා 47,36 සහ 28 යන වයස් සීමා වල පසුවන්නන් බව සඳහන්.
මොවුන් දැරියන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වා මෙම අපයෝජනයන් සිදුකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.