Gossips

දැරියක් කෙලෙසූ 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 14ක දැරියක් දූෂණය කළ 16 හැවිරිදි තරුණයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව – නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බව සඳහන්.
දූෂණයට ලක්වූ දැරිය තරුණයාගේ පෙම්වතිය වන අතර සැකකරු සිය පෙම්වතියව පාළු නිවසකට කැඳවාගෙන ගොස් දූෂණය කළ බවටයි අනාවරණය වී ඇත්තේ.
පසුගිය 27 වනදා සැකකරු විසින් දැරිය අලුතින් ඉදිකරන පාළු නිවසකට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බව ඇයගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු ආරච්චිකට්ටුව පොලීසිය විසින් සිදුකරනු ලබනවා.