Gossips

දැදිගමදී පොලිස් ගිනි අවියක් පත්තුවී සැරයන්වරයෙක් රෝහලේ

දැදිගම පොලිස් ස්ථානය තුලදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ඊයේ (09) රාත්‍රියේ මුර සංචාරය සඳහා පිටව යාම සඳහා සැරයන්වරයා තවත් නිලධාරියෙකුගෙන් ගිනි අවියක් ඉල්ලා තිබෙනවා.
එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ගිනි අවියක් රැගෙන අදාල නිලධාරියා සැරයන්වරයාට ලබාදීමට පෙර පරික්ෂාවට ලක් කරන අවස්ථාවේදීයි අත් වැරදීමකින් එය ක්‍රියාත්මකවී සැරයන්වරයාගේ පාදයකට වෙඩි වැදී ඇත්තේ.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ඊයේ (09) රාත්‍රියේ කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.